Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2021 14:10:46 Hours

HALO Trust හී ව්‍යාපෘති කළමණාකාරිනිය උතුරු ආරක්ෂක සේනා ආඥාපති හමුවී බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කරයි

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින HALO Trust හී ව්‍යාපෘති කළමණාකාරිනී එලිනෝර් පෝරිට් (Eleanor Porritt) මහත්මිය පසුගිය අඟහරුවාදා (23) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.  

මෙම සුහද හමුව අතරතුර, HALO Trust හී අයත් ඉඩම් තුළ බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය, ආරක්ෂාව සහ තවත් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කෙරිණි. තවද, එම ප්‍රදේශ තුළ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සඳහා බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද මෙම සාකච්ඡාවේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් එතුමිය වෙතින් ඉල්ලා සිටියේය.

එමෙන්ම, දැනට සිදුකෙරෙමින් පවතින බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති නිරීක්ෂණය සඳහා පැමිණෙන බව ද මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා කියා සිටියේය. Running sport media | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ