Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2021 23:18:03 Hours

විශ්‍රාම දිවියට පා තබන කාලතුවක්කු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට ගෞරවාචාර

වසර 34 ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පැවැත්විණි. පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවති උත්සවය සඳහා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් එම රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමූහ. ඉන් අනතුරුව, එතුමන් එම රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී යුද්ධයෙන් මියගිය වීරෝදාර රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාර පුදකිරීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් ද එතුමන් වෙත පිරිනැමූහ.

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක් වෙනුවෙන් සහභාගී වීමත් සමඟ උත්සවයේ පළමු අංගය අවසන් විය. එදින සන්ද්‍යාවේ නිලධාරි නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අපරිමිත සේවය ඇගයීමට ලක් කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

එම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් එක්වූහ. buy footwear | adidas Yeezy Boost 350