Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2021 08:49:06 Hours

‘බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ’ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡාවක්

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල්හේමන්ත බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (23) දින‘බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීම’ පිළිබඳව සාකච්ඡාවක් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන, බිම් වෙඩි ඉවත් කිරීමේ ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථාන නිලධාරින්, සේනාංක මූලස්ථානයේ නිලධාරින්, ඉංජිනේරු බලසේනාවේ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.සොයාගනු ලබන පැරණි පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳවමෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණි. Sportswear Design | Nike Shoes