Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2021 10:00:06 Hours

ගතවු පැය 24 තුළ තුල PCR පරික්‍ෂණ 13,714 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 94 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 229 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (25) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,868 ක් වේ. ඉන් පුද්ගලයින් 75,120 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මීනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවු ආසාදිතයින් සියලුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (25) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 81,466 ක් වන අතර ඉන් පුද්ගලයින් 76,513 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (25) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 4,496 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (25) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 672 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (25) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇත. ඔවුන් ගල්කිස්ස, කොටුගොඩ, බොරලැස්ගමුව සහ වත්තල යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (25) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (25) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 10,075 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (24) දිනය තුල PCR පරික්‍ෂණ 13,714 ක් සිදුකර ඇත. latest jordans | Air Jordan Release Dates 2021 Updated , Gov