26th February 2021 12:43:15 Hours
කොළඹ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හී රෝහල්වල සුලු සේවකයින්ගේ වැඩ වර්ජනයන් හේතුවෙන් මහජනතාව පත්වන අපහසුතාවයන් මඟහරිමින් වැඩවර්ජකයින්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා 14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 185 දෙනෙකු යොදවා ඇත.
මෙම ජාතික අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමුකළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින්සිය සහයෝගය ලබාදුන්හ. ඒ අනුව, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් කොළඹ ජාතික රෝහල, කොළඹ අක්‍ෂි රෝහල, කළුතර දිස්ත්‍රික් රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහල, හෝමාගම දිස්ත්‍රික් රෝහල, පුත්තලම මුලික රෝහල, මාරවිල දිස්ත්‍රික් රෝහල, හලාවත මුලික රෝහල, කුරුණෑගල මුලික රෝහල, පොල්පිතිගම දිස්ත්‍රික් රෝහල, ගල්ගමුව දිස්ත්‍රික් රෝහල, දඹදෙණිය දිස්ත්‍රික් රෝහල, නිකවැරටිය දිස්ත්‍රික් රෝහල සහ තලංගම දිස්ත්‍රික් රෝහල යන සියලුම රෝහල්වල සෞඛ්‍ය සේවය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහායුද්ධ හමුදා සාමාජිකයින්සේවය ලබාදී ඇත. short url link | シューズ