Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2021 23:09:03 Hours

පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 40 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් කල්ප සංජිව පසුගිය අඟහරුවාදා (23) දින එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආගමික වතාවත් මධ්‍යයේ පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් එහි සපැමිණි නව සේනාවිධායකතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පුහුණු පාසලේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය. පසුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් කල්ප සංජිව නව ධූරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ. ඉන් අනතුරුව, නව සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

සියලු නිල තේපැන් සංග්‍රහයකට එක්වූ එතුමන් පසුව නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇමතූවේය. මෙම අවස්ථාවට පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

බ්‍රිගේඩියර් කල්ප සංජිව නව ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ චීන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන ලදී. Nike Sneakers Store | adidas poccnr jumper dress pants size