Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2021 23:07:03 Hours

68 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

68 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර පසුගිය සෙනසුරාදා (20) දින මුලතිව්, කොම්බාවිල් පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා ගෞරවාචාර දක්වමින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් ද පිරිනැමූහ. ඉන් අනතුරුව, එතුමන් සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.

එම සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටි බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ සේනාංකාධිපතිතුමන් එම සේනාංකය සතු වගකීම් හා කාර්යභාරයන් ඉටුකිරීමේදී එතුමන් සතු සැලසුම් පිළිබඳ ප්‍රකාශ කළේය. පසුව, එතුමන් වෙනුවෙන් සූදානම් කර තිබූ සියලුනිල තේ පැන් සංග්‍රහයක් වෙනුවෙන් ද බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා 68 වන සේනාංකය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ. Nike sneakers | Nike Shoes