Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2021 23:13:03 Hours

21 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

වවුනියාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 70 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (16) දින 21 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ව/කුඩචච්චකෝඩියා ප්‍රාථමික විද්‍යාලයේදී සහ ව/මුන්ඩිමුරුප්පු ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වීණි.

ශ්‍රී පඤ්ඤානන්ද විහාරයේ පූජ්‍ය ලින්දෑවේ අමරජෝති හිමියන් සහ 2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.එම්.එස්. බණ්ඩාර ගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය වෛද්‍ය රම්‍ය සිල්වා සහ සරත් එදිරිසිංහ යන මහත්වරුන් විසින් ලබාදී ඇත. මෙම වැඩසටහන් 21 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත සංවිධානය කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා 211 වන සේනාංකයේ සේනාංකාධිපති කර්නල් ජේ.කේ.ආර්. ජයකොඩි, 2 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සහභාගී වුහ. Asics shoes | jordan Release Dates