Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2021 11:49:06 Hours

භටපිරිස් සහයෝගයෙන් කොටපොල සිසුන්ට ගුවන් පාලමක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ භටපිරිස්හී පූර්ණ ශ්‍රමදායකත්වයෙන් කොටපොල බෙරලපනතර මහ විද්‍යාලයේ සිසු දරු දැරියන්ට මාර්ගය දෙපසට මාරුවීම සඳහා ගුවන් පාලමක් ඉදිකර දෙනු ලැබිණි.

දිග මීටර් 19 කින් සහ මීටර් 1.5 ක පළලකින් යුක්ත මෙම නව ගුවන් පාලම ඉදිකිරීම් කටයුතු ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ගේ අධීක්‍ෂණය යටතේ 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් නිම කරන ලදී. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 16.29 ක මුදලක් වැය කරන ලදී.

මෙහි සමාරම්භක උත්සවය සඳහා මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු නිපුන රණවක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නිහාල් අමරසේකර, මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම් බුද්ධික දියගම, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්‍ෂ, බෙරලපනතර විද්‍යාලයේ විදුහල්පති ඇතුලු සිසු දරු දැරියන් සහභාගී වූහ. Nike shoes | nike air force 1 shadow , eBay