Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2021 23:23:44 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපතිතුමන් රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 16 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ 2021 පෙබරවාරි මස 20 දින රාජකාරි කටයුතු භාරගත්තේය.

එහිදී, මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමනු ලැබූහ.

නව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. ඉන් අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය. පසුව, මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරින්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපතිවරුන් සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ එතුමන් මෙම අභිමානවත් සංවිධානයේ සෙබලෙකු වශයෙන් නිරන්තර පුහුණුව තුලින් කැපවීමෙන් හා ඔවුන්ගේ වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කරගනිමින් පවරා ඇති රාජකාරි නිසි ලෙස ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කළේය. තවදුරටත් සිය දේශනය පවත්වමින් එතුමන් සියලු නිලයන්හී විනය ඉහළ මට්ටමකින් පවත්වාගනිමින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ කියා සිටියේය. එමෙන්ම, ඔවුන්ගේ දෛනික රාජකාරි කාර්යක්‍ෂමව හා ඵලදායීව ඉටුකරන ලෙස ඔවුන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. Nike footwear | Air Jordan