Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 20:27:21 Hours

නික්ම යන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත ගෞරවාචාර

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 13 වන ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් ජගත් රත්නායක පෙබරවාරි මස 20 දින ඉන් නික්ම ගියේය.

එහිදී, 19 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළ අතර 7 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ජගත් රත්නායක එම මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ බාස්කට් බෝල් පිටිය විවෘත කළේය. පසුව භටපිරිස් ඇමතූ එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුදෙනා වෙත සිය ස්තූතිය පුදකළේය.

පසුව, එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික විසින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ආඥාපති, එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක්ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ. best Running shoes | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD