Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2021 23:04:32 Hours

14 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

14 වන සේනාංකයේ 10 වන සේනාංකාධිපති ලෙස කොළඹ 2 පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුගිය සඳුදා (22) දින රාජකාරි භාරගත්තේය.

14 වන සේනාංකය වෙත පැමිණි නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, එතුමන් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මීට ප්‍රථම, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා 57 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා 142, 143 සහ 144 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 14 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ. Adidas footwear | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ