Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 18:17:21 Hours

62 වන සේනාංකයෙන් පාසල් උපකරණ බෙදාදීමේ ව්‍යාපෘතියක්

62 වන සේනාංකය යටතේ ස්ථාපිත 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2021 පෙබරවාරි මස 18 දින මැදවච්චියේ පිහිටි කිරිඉබ්බන්වැව මහ විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසුන් 20 දෙනෙකු වෙත පාසල් බෑග්, පොත් සහ පාසල් උපකරණ බෙදාදුන්හ. මෙම වැඩසටහන සඳහා කොළඹ ආනන්ද සහ නාලන්ද යන විද්‍යාලයන්හී ආදි ශිෂ්‍යයින් ගේ අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්ඇල්ල සහභාගී වූයේය. එමෙන්ම 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සම්පත් ප්‍රනාන්දු, 62 වන සේනාංකයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි, 9 වන ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි සහ එම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ යූ. රාජකරුණා මහතා ද මෙම වැඩසටහනට එක්වූහ. buy shoes | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival