Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 14:00:02 Hours

කිලිනොච්චි භටපිරිස් වෙත ‘ඵලදායීතාවය’ පිළිබඳ වැඩමුළුවක්

යුද්ධ හමුදා භටපිරිස් සහ නිලධාරීන්ගේ මානසික සුවතාවය වර්ධනය කිරිමේ අරමුණින් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙහෙයවූ දෙදින වැඩමුළුවක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි. ‘ඵලදායිතාවය’ සම්බන්ධයෙන් පැවැත්වූ මෙම දෙදින වැඩමුළුව පෙබරවාරි මස 18 සහ 19 යන දිනවල කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

මෙම දේශන මෙහෙයවනු ලැබූවේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී.එස් සමන්ති, මේජර් ටී.පී.ජී.කේ.පී ද අල්විස් සහ මේජර් ඊ.ඒ.ඒ.එස් චාමින්ද විසිනි. මෙහිදි ‘ඵලදායිතාවය සඳහා තරුණ දායකත්වය’, ‘යුද සාහිත්‍ය’ සහ ‘දැනුම හා අවබෝධය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය’ යන මාතෘකා තේමා කරගනිමින් දේශණ පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් 50 ක් හා සෙසුනිලයන් 150 ක පමණ පිරිසක් සහභාගී වූහ. Sports Shoes | Nike