Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 18:20:21 Hours

වන්නි භටපිරිස්හී දායකත්වයෙන් නව නිවසක් සඳහා බෝගස්වැවදී මුල්ගල් තැබේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බෝගස්වැව ප්‍රදේශයේ නිවසක් නොමැති දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් තනා දීමට මුල්ගල තැබීමේ උත්සවය පසුගිය බදාදා (17) දින පැවැත්විණ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත ජේ.එම්.එස්. ජයලත් මහත්මිය ඇතුළු සිය ආබාධිත දරුවන් දෙපළ වෙනුවෙන් මෙම නව නිවස ඉදිකෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා කොළඹ මෝටර් රථ සමාගමේ පී.බී කුලතුංග මහතා මේ සඳහා අමුද්‍රව්‍ය පරිත්‍යාග කළේය.

මුල්ගල් තැබීමේ උත්සවය සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල, 561 සහ 563 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, තවත් ආරාධිතයින් පිරිසක් සහ බෝගස්වැව ගම්මානයේ ගම්වාසීන් පිරිසක් ද සහභාගී වූහ. latest Nike release | Autres