Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 18:30:21 Hours

නගරවැව සිසුන්ට පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

හම්බන්තොට නගරවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් කිහිපයක පාසල් සිසු දරු දැරියන් සඳහා පාසල් බෑග්, පොත්, සපත්තු සහ තවත් පාසල් උපකරණ තොගයක් VS Information Systems (Pvt) Ltd හී පූර්ණ දායකත්වය සහිතව සිදුකෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා මූලික ශ්‍රම දායකත්වය 12 වන සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කළහ. ඒ අනුව, පසුගිය සෙනසුරාදා (20) දින එම සිසුන් පිරිස 12 වන සේනාංක මූලස්ථානය වෙත කැඳවා මෙම පරිත්‍යාගයන් ඔවුන් වෙත ලබාදෙන ලදී. ඔවුන් සියලුදෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කරනු ලැබිණි.

මෙම වැඩසටහන සිදුකිරීම වෙනුවෙන් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක එම සේනාංකයේ භටපිරිස් වෙත උපදෙස් ලබාදී තිබිණි. Buy Kicks | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ