Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2021 15:34:14 Hours

ලෙබනන් සහ දකුණු සුඩානයේ ශ්‍රී ලාංකික භටපිරිස් ජාතික නිදහස් දින උළෙල සමරයි

73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ලෙබනන්හී ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සුජීව බටගල්ල නිලධාරි හා එම භටපිරිස් විසින් විසින් ජාතික කොඩිය එසවීම, ජාතික ගීය ගායනා කිරීම, බලඇණි අණදෙන නිලධාරි විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීමට පෙර යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් සඳහා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම ද සිදුකෙරිණි.

ඉන් අනතුරුව, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාවේ මෙහෙයුම් සහයක අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජෙනරල් ඉර්වින් නී අයිටී අර්යීටී (Irvine Nii-Ayitey Aryeetey) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා බලඇණි ආරක්‍ෂක කණ්ඩායම වෙත පැමිණි අතර එහිදී එතුමන් වෙත කඳවුරු මුරයක් ද පිරිනැමූහ. පසුව, ජාතික නිදහස් දිනයේ උසස්වීම් ලද මේජර් සාගර පීරිස් වෙත නිල ලාංඡන පැළඳවිම සඳහා බලඇණි අණදෙන නිලධාරිතුමන් එම අවස්ථාවට සපැමිණි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාවේ මෙහෙයුම් සහයක අධ්‍යක්‍ෂතුමන් වෙත ආරාධනා කරනු ලැබිණි.

ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ මෙහෙයුම් සහයක අධ්‍යක්‍ෂතුමන් ශ්‍රී ලාංකික භටපිරිස් විසින් ඉතා ඉහළ මට්ටමේ වෘත්තීය පළපුරුද්දකින් රාජකාරි කටයුතු කරගෙන යනු ලබන බවත් ප්‍රකාශ කරන ලදී. පසුව, ලෙබනන්හී ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාවේ අණදෙන නිලධාරි විසින් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාවේ මෙහෙයුම් සහයක අධ්‍යක්‍ෂගේ සංචාරය සිහිවනු වස් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

73 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව දකුණු සුඩානයේ ස්ථාපිත (SRIMED) රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික භටපිරිස් විසින් පසුගිය පෙබරවාරි මස 04 දින ශ්‍රමදාන වැඩසටහනක් සහ පැළ රෝපණ ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. Best Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD