Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 14:19:02 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයෙන් නික්ම යයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ පසුගිය සෙනසුරාදා (20) දින එම ධූරයෙන් නික්ම ගියේය. එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.

නික්ම යන මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමනු ලැබූහ.

ඉන් අනතුරුව,එතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටියේය.

නෙලුම්පියස ශ්‍රවණාගාරයේදී සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ එතුමන් වෙත නිරන්තරයෙන් ලබාදුන් සහයෝගය ඇගයීමට ලක්කළ අතර එම විශිෂ්ඨ සේවය තවදුරටත් ඉටුකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දිගුකාලීන අවශ්‍යතාවයන්ව පැවති අංගසම්පූර්ණ සුවපහසු කාමරවලින් සමන්විත නවීකරණය කරන ලද නව සුභසාධන ගොඩනැඟිලි සංකීර්ණය, පළතුරු බීමහල සහ සාප්පු සංකීර්ණය ද එතුමන් විසින් විවෘත කරනු ලැබීය. පසුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරින් සමඟ සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව සමස්ත ව්‍යාපෘතියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය. buy shoes | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite