Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 18:00:02 Hours

කොවිඩ් - 19 ආසාදිත මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 518 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙති. ඉතිරි පුද්ගලයින් 490 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින්ය. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 175 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 197 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (23) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 76,918 ක් වේ. ඉන් පුද්ගලයින් 73,716 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මීනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවු ආසාදිතයින් සියලුදෙනා මේ වනවිට සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (23) දින උදෑසන වනවිට, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ පොකුරේ සම්පූර්ණ සංඛ්‍යාව 73,859 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 80,516 ක් වේ. ඉන් පුද්ගලයින් 75,109 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (23) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 4,957 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (23) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 811 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (23) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් නුගේගොඩ, කොළඹ 13, කොළඹ 12, දූනගහ සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයන් වෙති. ඒ අනුව, අද (23) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 450 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (23) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 97 ක් තුළ පුද්ගලයින් 9,618 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (22) දිනය තුල PCR පරික්‍ෂණ 11,779 ක් සිදුකර ඇත. Adidas shoes | adidas Yeezy Boost 350