Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 21:37:21 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් දිස්ත්‍රික් ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන් අමතයි

රණවිරු සේවා අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව, දිවයින පුරා පරිපාලන දිස්ත්‍රික් 22 ක ස්ථාපිත ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන් ඇතුළු එම ප්‍රදේශයන්හි සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන නියෝජනය කරමින් නිලධාරින් 100 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අද (18) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ. මෙම හමුවේදී, ගෞරවණීය ලෙස සමාජ පිළිගැනීම පවත්වා ගෙන යන ලෙසත් විවිධ සමාජ විරෝධි ක්‍රියාවන්ට දායක නොවී ජාතික ආර්ථිකයට සිය දායකත්වය ලබාදෙමින් හමුදාවේ අභිවෘද්ධිය සඳහා ඔවුන්ගේ සහයෝගය දක්වන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන්, විශ්‍රාමික හමුදා සාමාජිකයින් මෙන්ම තුවාල ලැබූ හා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම සහ සුභසාධන කටයුතු සිදුකිරීම යුද්ධ හමුදාවේ පරම යුතුකමක් වන බව පැවසීය. එමෙන්ම, ඒ වෙනුවෙන් පිහිටා ඇති රණවිරු සේවා අධිකාරිය සහ යුද්ධ හමුදා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් එම කටයුතු සිදුකරනු ලබන බවත් එමෙන්ම, විශ්‍රමික රණවිරුවන්ගේ සුභසාධන කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදුකරනු ලබන බවත් පැවසීය.

අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මට අනුව, විශ්‍රාම යාමට පෙර ලබාගත් වෘත්තීය කුසලතා උපයෝගී කරගනිමින් ස්වයං රැකියාවල නිරතවීමෙන් ජාතික ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ද ඔවුන් සතුව පවතින බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය. එබැවින්, වෙහෙස මහන්සියෙන් ලබාගත් වෘත්තීය දැනුම කිසිවෙකුටත් හානි කිරීමට ඉඩනොදී විශ්‍රාම යන විට විනයගරුක පුරවැසියන් වශයෙන් සියලුදෙනාට සමාජයේ පෙරමුණ ගෙන එම සේවාවන් අඛණ්ඩව සිදුකරගෙන යාම ඔවුන්ගේ යුතුකමක් වන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පැවසීය.

තවදුරටත් ඔවුන් ඇමතු යුද්ධ හමුදාධිපතිතුමන්, ‘යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම -2020-25’ ට අනුව සෑම ආයතනයකටම ඉදිරියට යාමට නම් එයටම ආවේණික වූ උපායමාර්ගික සැලැස්මක් තිබිය යුතු බවත් විශ්‍රාමිකයන්ගේ සුභසාධන අපේක්ෂාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ආර්ථිකයට එකතු කළ හැකි විවිධ ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘති හඳුන්වාදීම මෙමඟින් සිදුකර ඇති බවත් පැවසීය. යුද්ධ හමුදා සේවා කාලය තුළදී ඔබ ලබාගත් දැනුමට සෑම විටම නිසි පිළිගැනීමක් ලබාදෙන අතර විවිධ සමාජ විරෝධි න්‍යායපත්‍රවලට ගොදුරු නොවී ඔබේ සහෝදර සොල්දාදුවන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ අභිවෘද්ධිය උදෙසා යහපත් පුරවැසියෙක් ලෙස කටයුතු කරන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි වැඩිදුරටත් පැවසීය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් වසන්ත මාදොල විසින් මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය. මෙම අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා ගීතය සියලුදෙනා එක්ව ගායනා කල අතර පසුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනය සිදුකළ අතර මෙම අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ සහ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ, ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ එම ප්‍රදේශයන්හි සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් සහභාගී වූහ. Sportswear Design | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth