Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 18:21:14 Hours

23 වන සේනාංකයේ සේනාංකාධිපති අගරඳගුරු පියතුමන් සහ දිස්ත්‍රික් ලේකම් හමුවෙයි

පසුගියදා අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, මඩකලපුව අගරඳගුරු අති උතුම් ආචාර්ය ජෝසප් පොන්නයියා පියතුමන් සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන් මහතා හමුවිය. එම අවස්ථාවට 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

ප්‍රදේශයේ ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් වෛරසයේ වත්මන් තත්ත්වය සහ යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රජා ව්‍යාපෘතින් පිළිබඳ මෙම සුහද හමුවේදී සේනාංකාධිපතිතුමන්, අගරඳගරු පියතුමන් සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම්තුමන් සමඟ අදහස් හුවමාරු කරගත්හ. affiliate tracking url | Men’s shoes