Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 18:00:14 Hours

උසස්වීම් ලැබු කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපතිට ගෞරවාචාර පිරිනමයි

පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරල් පියල් නානායක්කාරවසම් වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් ඉකුත් බදාදා (10) දින කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස මුලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී, උසස්වීම් ලැබූ ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළ අතර මෙම අවස්ථාවට කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහභාගි වූහ. පසුව, භටපිරිස් ඇමතු උසස්වීම් ලැබු කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රයකට ද එක්විය. Sports Shoes | Nike Shoes