Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 16:21:14 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් චන්න වීරසුරිය පෙබරවාරි මස 12, 13 සහ 14 දිනයන්හි 24 වන සේනාංක මුලස්ථානයේ 241 හා 242 වන බලසේනා මුලස්ථායේ සංචාරයක නිරත වූයේය.

ප්‍රථමයෙන්, 24 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ආඥාපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් චන්න වීරසුරිය, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික කාර්යභාර්යට උරදී කටයුතු කරන සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් අගය කල අතර, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් භටපිරිස් අඛණ්ඩව යපහත් සෞඛ්‍ය මට්ටමක් පවත්වාගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය. තවද, සෑම විටම වෘත්තිය නිපුණත්වය සහ ඉහළ විනයක් පවත්වාගැනීමේ වැදගත්කම ද එතුමන් එහිදී භටපිරිස් අමතමින් අවධාරණය කළේය.

පසුව, 241 වන බලසේනාවේ, 242 වන බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරය කළ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයන්හි ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ. මෙම දෙදින සංචාරය අතරතුර ආඥාපතිතුමන් පරිපාලන අවශ්‍යතා, මෙහෙයුම් අවශ්‍යතා, සුභසාධන ක්‍රියාමාර්ග සහ භටපිරිස්හි අවශ්‍යතා පිළිබඳ කරුණු සාකච්ඡා කළහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය එම ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුරු භික්‍ෂුන් වහන්සේලා, පූජක පර්ශවයන් ආදී ආගමික පූජකවරුන් බැහැදැක ආශීර්වාද ලබාගත්හ. best shoes | Nike