Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 13:21:14 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථානයේ නව ‘කාලතුවක්කු අංගනයක්’ ඉදිකෙරේ

මානුෂීය මෙහෙයුම්වලදී යුද්ධ හමුදාව ලැබූ යුද ජයග්‍රහණය පිටුපස සිට යෝධ ශක්තියක් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු වලට ආරක්‍ෂාවක් ලබාදීමේ අරමුණින් දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවැති ‘කාලතුවක්කු අංගනයක්’ මත්තේගොඩ පිහිටි 10 වන මධ්‍යම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිතය. එසේම, මේ වනවිට පවතින කාලතුවක්කු අංගන ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙන ලදී.

ඒ අනුව, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමිල මුණසිංහ විසින් බදාදා (10) දින සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ මත්තේගොඩ පිහිටි 10 වන මධ්‍යම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථානයේ ඉදිකිරීමට යෝජිත ‘කාලතුවක්කු අංගනයේ’ දෙවන අදියර සඳහා මුල්ගල තැබීය.

මෙම අවස්ථාවට 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. latest jordans | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ