Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 10:21:14 Hours

ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 802 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයකෙු ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 801 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 238 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 162 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 333 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (15) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 72,132 ක් වේ. ඉන් පුද්ගලයින් 67,302 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මීනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවු ආසාදිතයින් සියලුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (15) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 75,653 ක් වන අතර ඉන් පුද්ගලයින් 68,695 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (15) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,561 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (15) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 865 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (15) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇත. ඔවුන් යාපනය, පේරාදෙණිය, මහවෙල, කුරුණෑගල, ගම්පොල, අංගොඩ සහ ගොතටුව යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (15) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 397 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (15) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 9,089දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (14) දිනය තුල PCR පරික්‍ෂණ 16,866 ක් සිදුකර ඇත. Nike Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify