Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 21:21:14 Hours

දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වෙන පවුලකට සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් නව නිවසක් ඉදිකර දෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ අනුග්‍රහය සහ සෘජු මඟපෙන්වීම අනුව ක්‍රියාත්මක වන සිරස නිවාස ව්‍යාපෘතිය යටතේ තලාතුඔය නුගලියද්ද ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ලබාදීම පසුගියදා සිදුකෙරිණි. සිරස මාධ්‍ය ජාලය විසින් යුද්ධ හමුදා සහය ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 1 වන ඉංජිනේරු සේවා බලකායේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස්හී ශ්‍රමදායකත්වයෙන් නව නිවස ඉදිකරන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ ගේ උපදෙස් වලට අනුව සිරස නිවාස ව්‍යාපෘතියේ මූල්‍යමය දායකත්වය ඇතිව තාක්‍ෂණික නිපුණත්වයෙන් යුත් භටපිරිස් විසින් මෙම නව නිවස ඉදිකරන ලදී. නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක හා ‘සිරස නිවාස’ වැඩසටහන නියෝජනය කරමින් MTV/MBC නාලිකා ප්‍රධානි නීඩ්‍රා වීරසිංහ මහත්මිය සහභාගී වූහ.

නිවසක් නොමැතිව දරිද්‍රතාවයෙන් පෙලුණු කේ. ඒ. ප්‍රියංගිකා මහත්මියට නව නිවසක් සාදා දීමට හමුදා භටපිරිස්හී දායකත්වය ලබාදෙන ලෙස අනුග්‍රහකත්වය ලබාදුන් පිරිස, යුද්ධ හමුදාධිතුමන්ගෙන් කල ඉල්ලීමකට අනුව මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකරන ලදී.

ඒ අනුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සුභ මොහොතින් සමරුඵලකය නිරාවරණය කර පොල්තෙල් පහන දල්වා කිරි උතුරවා ආගමික වතාවත්වලට අනුකූලව නව නිවස විවෘත කිරීම සිදු කෙරිණි.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා සිරස මාධ්‍ය ජාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරී, 11 වන සේනාංකයේ සහ 111 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් හා නිවාසලාභී පවුලේ සාමාජිකයන් මෙන්ම ඥාතීන් රැසක් ද සහභාගි වූහ.

මෑතක සිට එවැනි අඩු ආදායම්ලාභී පවුල් සඳහා යුද්ධ හමුදා භටපිරිස්හී ශ්‍රමදායකත්වයෙන් ඉදිකර දීම සිරස මාධ්‍ය ජාලය විසින් සිදුකරන ලදී. url clone | Nike Shoes