Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 12:21:14 Hours

53 වන සේනාංකයේ භටපිරිස් හානියට පත් වැව් බැම්මක් ප්‍රතිසංස්කරණය කරයි

හබරණ ඉනාමළුව ග්‍රාම නිලධාරි කොට්ඨාශ්‍රයේ කීනගහ වැව් බැම්මෙහි ජල කාන්දුවක් ඉකුත් (13) දින සිදු වී ඇති අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් ගම්වැසියන්ගේ සහයෝගය ඇතිව වැලි උර ආධාර කරගනිමින් යළි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් සිදුවීමට ගිය හානියක් වැළැක්වූහ.

සිද්ධිය සැල වූ විගස ඊට ප්‍රතිචාර දක්වමින් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මාන‍ගේ ගේ උපදෙස් මත භටපිරිස් විසින් වැලි උර ආධාරයෙන් තවදුරටත් වැව්බැම්ම ඛාදනය වීම වැළැක්වීම පිණිස අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලදී. Best Sneakers | Nike - Shoes & Sportswear Clothing