Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2021 21:07:03 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස ව්‍යාපෘතිය යටතේ විරෝදාර රණවිරුවන්ට නව නිවාස තුනක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත නිවාස නොමැති රණවිරුවන් හට නිවසක් තනාදීමේ ව්‍යාපෘතිය යටතේ මානූෂීය මෙහෙයුමේදි දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ තුවාල ලැබු රණවිරුවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම රණසේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව එක්ව අඛණ්ඩව සිදු කරනු ලබයි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ ගේ උපදෙස් මත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් හඟුරන්කෙත, උඩුවින්න ප්‍රදේශයේ ඉදිකල නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 1.4 ක පමණ මුල්‍යමය පිරිවැයක් යොදා ඇත. ඉකුත් අඟහරුවාදා (09) දින මෙලෙස ඉදිකල නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරීගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ නියෝජ්‍ය සේනාවිධයක සහභාගි වූ අතර එතුමන් විසින් නව නිවසේ පීත්ත පටිය කපා විවෘත කරන ලදී.

තවද, මානූෂීය මෙහෙයුම අතරතුර අම්පකාමන් උතුරු ප්‍රදේශයේදී මියගිය වීරෝධාර රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයන් සඳහා 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉබ්බාගමුව ප්‍රදේශයේ ඉදිකල නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා රණසේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මුල්‍යමය පිරිවැය යොදා ඇත. ඉකුත් බදාදා (10) දින මෙලෙස ඉදිකල නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරීගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරල් පී.ජේ.පී. ගමගේ සහභාගී වූ අතර, එතුමන්ගේ සුරතින් නව නිවසේ පීත්ත පටිය කපා විවෘත කරනු ලැබීය.

තවද, කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් වාරියපොල ප්‍රදේශයේ ඉදිකල නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 1.4 ක පමණ මුල්‍යමය පිරිවැයක් යොදා ඇත. ඉකුත් බදාදා (10) දින මෙලෙස ඉදිකල නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරීගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරල් පී.ජේ.පී. ගමගේ සහභාගී වූ අතර, එතුමන්ගේ සුරතින් නව නිවසේ පීත්ත පටිය කපා සුභ මොහොතින් විවෘත කරනු ලැබීය.

සමාරම්භක උත්සව අවස්ථාවන් සඳහා වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්, ගම්වාසීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. jordan release date | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival