Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2021 20:04:49 Hours

යුද්ධ හමුදාව සමඟ තරුණ තරුණියන් එක්වීමේ ඉහළ ප්‍රවණතාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථාන ආවරණය වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුල තරුණ තරුණයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බඳවාගැනීමේ ක්‍රියාවලිය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ යටතේ සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථානයන්හි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගේ අධික්‍ෂණය යටතේ බලසේනාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව පත්කරනු ලබන ආධුනිකයින් බඳවා ගැනීමේ මණ්ඩලයකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පවතින පොදු රාජකාරී සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි පවතින පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා මනා සෞඛ්‍ය සම්පන්න තරුණ තරුණියන් බඳවා ගනු ලැබේ.

ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදේශයන්ට අනුකූලව හා ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බඳවාගැනීම් (වැඩබලන) ලුතිනන් කර්නල් ශිරෝන් මොල්ලිගොඩ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් සෑම ගමකින්ම අවම වශයෙන් තරුණ තරුණියන් තිදෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බඳවා ගැනීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට බලාපොරොත්තු වන සියලුම දෙනා වයස් සීමාවන්, අධ්‍යාපන සුදුසුකම්, වැටුප්, වරප්‍රසාද, අනෙකුත් දීමනා හා පහසුකම් පිළිබඳ සියලුම විස්තර පහතින් දක්වා ඇති දුරකථන ඔස්සේ අදාල ආරක්‍ෂක සේනා මුලස්ථානයන්හි ආධුනිකයන් බඳවා ගැනිමේ නිලධාරීන් ඇමතීමෙන් හෝ අදාල ප්‍රදේශවල පිහිටි යුද්ධ හමුදා කඳවුරු වෙත පැමිණිමෙන් තොරතුරු ලබාගැනිමට හැකිවේ.

දුරකථන අංකයන්:

ආසේමු - යාපනය - 011 4056102 / 076 5303715

ආසේමු - වන්නි (වව්නියාව) - 076 6907293

ආසේමු - නැගෙනහිර (වැළිකන්ද) - 027 2259128 / 076 6907297

ආසේමු - කිලිනොච්චි - 076 4514395 / 070 1918333

ආසේමු - මුලතිව් - 071 2138268

ආසේමු - බටහිර (පනාගොඩ) - 076 5303721

ආසේමු - මධ්‍යම (දියතලාව) - 076 6907304 / 0765303719

ආධුනිකයින් බදවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය (කොහුවල) -0112815080 / 0113137553 bridgemedia | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ