Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2021 19:00:57 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව මුළුතැන්ගෙය විවෘත කර ආහාරපාන පිළියෙල කිරීම පිළිබඳ වැඩමුළුවක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවමින් නව ආහාරපාන ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 8 ක වියදමින් සියලුම උපකරණයන්ගෙන් සමන්විත නව මුළුතැන්ගෙයක් ඉදිකරන ලදී. තවද ආහාරවල ගූණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය දැනුවත් කිරිමේ වැඩමුළුවක් ද පසුගියදා පැවැත්විණි.

සීමාසහිත බෙන්ට්ලි (Bently) සමාගමේ අලෙවිකරණ අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත වික්ටර් මහතා, විධායක සත්කාර උපදේශක සුදුසිංහ චන්ද්‍රසේන මහතා සහ විධායක සත්කාර උපදේශක රවී මසකෝරලා මහතා විසින් ඉකුත් අඟහරුවාදා (2) දින විවෘත කෙරිණි. පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ භෝජනාගාර සේවකයින් හා අරැක්කැමි මහතුන් 76 දෙනෙකු සදහා සනීපාරක්ෂාව සහ ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳ වැඩමුළුවක් ද පවත්වන ලදී.

තවද, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත කොළඹ යුද්ධ හමුදා රෝහල මගින් ක්‍රියාත්මක කර තිබෙන ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතිය යටතේ දිවයින් පුරා සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල නැංවීමේ අරමුණින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම වැඩමුළුව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් පීරිස් ඇතුළු විද්‍යාපීඨයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ. latest Nike Sneakers | Sneakers Nike Shoes