10th February 2021 22:28:19 Hours
“ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් - 2020” වෙත සම්මාන ප්‍රදානය කිරිමේ උත්සව ඉකුත් බදාදා (10) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සමාගම් අතර වඩාත් කැපී පෙනෙන සමාගම් තම කොටස් හිමියන්, ගණුදෙනුකරුවන්, සේවකයින් සහ පොදුවේ ප්‍රජාව සඳහා කරනු ලබන සුවිශේෂි පිළිගැනීම වෙනුවෙන් පිරිනමනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනය (CIMA) සහ Daily FT පුවත්පත එක්ව සංවිධානය කරන ලදි. මෙවර “ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් -2020” සම්මාන උළෙලේ ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේය. මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ ප්‍රධාන දේශකයා ලෙස ඉන්දියාවේ බොස්ටන් උපදේශන සමූහයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ජ්‍යෙෂ්ඨ හවුල්කරු අල්පේෂ් ෂා මහතා (Mr Alpesh Shah) එක්වූ අතර එතුමන් ‘කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමේ අභියෝගය මධ්‍යයේ ව්‍යාපර පවත්වාගෙන යාම’ යන තේමාව යටතේ සිය දේශනය සිදුකළේය.
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා, සම්භාවනීය ආරාධිතයින් සහ ප්‍රධාන දේශකයාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය. විද්‍යුත් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ව්‍යාපාරික ක්‍ෂේත්‍රය පිළිබඳ කෙටි විඩියෝ පටයක් ද මෙහිදි ප්‍රදර්ශනය කෙරිණි. පසුව වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනයේ ප්‍රධානි විසින් සමාරම්භක දේශනය සිදුකල අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මහලේකම්වරයා සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ සභාපතිවරයා විඩියෝ තාක්‍ෂණය මගින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඇමතූවේය.
“ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් -2020” සම්මාන උළෙලේ වඩාත් ඉහළම පිළිගැනීමක් දිනාගත් සමාගම් දහය වෙත මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සම්මාන ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය දේශනයේදී වර්ෂ 2020 – 2025 හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම පිළිබඳ සඳහන් කරන ලද අතර අපේක්ෂිත ව්‍යාපාර සහ එම සමාගම්වල වර්තමාන ප්‍රමිතීන් සමඟ පෙළගැස්වීම සඳහා අවම වශයෙන් අවුරුදු පහක්වත් ගතවන බව සඳහන් කරන ලදී. එමෙන්ම ආයතනයන්හී අපේක්ෂාවන් ඉටුකර ගැනීම වස් ඉදිරි උපාය මාර්ගයන් තිබීය යුතු බවත් එමගින් සෑම වසරකටම පසු වඩාත් සාර්ථක ප්‍රමිතීන් ළඟා කර ගත හැකි වන බව සඳහන් කරන ලදී. වර්ෂ 2020 – 2025 හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරි කටයුතු වඩාත් ඵලදායි ලෙස සාර්ථක කර ගැනීම සඳහා මෙමගින් හැකි වන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පෙන්වා දුන්නේය.
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් (Colin Powell) නායකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය කළ වීඩියෝ පටයක් ප්‍රචාරයක කරන ලදී. එහිදී නායකත්වය යනු අන්‍යේනය ක්‍රියාකාරිත්වය සහ සිය අනුගාමිකයන් වෙනුවෙන් සටන් කිරීමට උනන්දුවෙන් සිටිය යුතු බවත් ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් සඳහන් කරන ලදී. ඉන් විනගරුක උසස් ප්‍රමිතියකින් යුත් සංවිධානක් නිර්මාණය වන බව වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්ව ගති ලක්ෂණ සහ ඔහුගේ අභියෝගාත්මක භූමිකාව ගෞරවයට පාත්‍ර කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හට විශේෂ සම්මානයක් පිරිනමන ලදී.
අයිඩීඑච් රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් මෙම විශේෂ සම්මානලාභීන් අතරට අබාන් පෙස්ටන්ජි මහත්මිය (Aban Pestonjee) ද සහභාගී වූවාය. සංවිධායකයින් විසින් උත්සවය අවසානයේ ව්‍යාපාරයන්හී වඩාත්ම ප්‍රශංසනීය නායකයින් හට සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති සහ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා ද සහභාගී විය.
ප්‍රධාන ආරාධිත අමුත්තාගේ කතාවේ සම්පූර්ණ පිටපත පහත පරිදි වේ;
“ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රශංසනීය සමාගම් දහය” සම්මාන උළෙලට 2020 සහභාගී වීමට ලැබීමත් ඔබ සැම ඇමතීමට ලැබීමත් මට සතුටට කරුණක්. මා ප්‍රථමයෙන්ම අද දින සම්මානයෙන් පිදුම් ලබන 2020 ප්‍රශංසනීය සමාගම් වෙත සුභ පතනවා. විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ 3 වන වරටත් මෙම සම්මාන උත්සවය සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, වරලත් කළමනාකරණ ගිණුම් ආයතනය සහ Daily FT පුවත්පත වෙත මාගේ සුබ පතුම පිරිනමමී.
ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ දක්‍ෂතා පෙන්වා ඇති ඔබ වැනි ව්‍යාපාරකයින්ගේ විශිෂ්ට සේවය තුලින් ඔබගේ ගනුදෙනුකරුවන්, සේවකයින් සහ මහජනතාව ඇගයීමකට ලක්කරන අතර ඔබගේ ව්‍යාපාරවල සේවය මෙවැනි උත්සවවලින් ඇගයීම සිත් ඇඳගන්නා සුළු කරුණක්. මෙය මේ රටේ සමස්ත වාණිජ අංශයේ පාර්ශවකරුවන් දිරිගැන්වීමක් සහ ඔවුන්ගේ හැකියාවන් සහ නවෝත්පාදනයන් හඳුනාගැනීම මෙන්ම විදේශ වෙළඳපලවල් වැඩි ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
ඔබ කවුරුත් දන්නා පරිදි, කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවිම හේතුවෙන් වාණිජ අංශය දරුණුතම බලපෑමකට ලක් වී ඇත. මෙම තත්ත්වය මුළු ලෝකයටම අහිතකර ලෙස බලපා ඇති අතර මෑත ඉතිහාසයේ වඩාත්ම දරුණු සමාජ-ආර්ථික ප්‍රපාතයකට ඇද වැටුණුක් බව අපි කවුරුත් දන්නවා. මෙම නිසා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය සහ අපනයන කෘෂිකාර්ම ක්‍ෂේත්‍රයට පසුබෑමකට ලක්ව තිබේ. එබැවින් සෑම ව්‍යාපාරයක්ම අවහිරතා යටතේ පවතින බව අපි කවුරුත් දන්නා කරුණක්. කෙසේ වෙතත්, පසුගිය වසර තුළ, ඔබ මේ රටේ ආර්ථිකය බිඳවැටීම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ. එබැවින්, කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන්, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මේ රටේ වාණිජ අංශයට ස්තූතිවන්ත වෙමි.
නව අපේක්ෂාවන් සමඟ, වාසිදායක වෙළඳ වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා රජය විසින් වැදගත් පියවරයන් සහ ප්‍රතිපත්ති රාශියක් ගෙන ඇති අතර තිරසාර සංවර්ධනයක් සඳහා ව්‍යාපාර දිරිමත් කිරීමක් සිදුකරනු ලබනවා. කොවිඩ්-19 බලපෑමට මුහුණදෙමින් නව අපේක්ෂාවන් සමඟ දේශීය ව්‍යාපාරික අවස්ථා වැඩි කිරීම සඳහා අපනයන අගය එකතු කිරීම, නිමි භාණ්ඩ නිෂ්පාදනය වැඩි කිරීම, අපනයන විවිධාංගීකරණය කිරීම, පුනර්ජනනීය බලශක්තිය කරා යොමුවීම, නිපුණතා සඳහා වන විදේශ වෙළෙඳපොළ ඉල්ලුම සැපිරීම රටේ ආර්ථිකයේ ප්‍රත්‍යස්ථභාවය ළඟා කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතුයි. දැනුම පදනම් කරගත් මානව ප්‍රාග්ධනය, ගෘහස්ථ ආහාර නිපදවීමේ ධාරිතාව වැඩි කිරීම යනාදියට ද අපගේ අවදානය යොමුකල යුතු වෙනවා.
එමෙන්ම, ජීවන රටාව සැපයුම් ක්‍රියාවලිය, සංචාරක කර්මාන්තය හා තොරතුරු හා දත්ත කළමණාකරණය වැනි ක්‍ෂේත්‍රවල ඇතිවු වෙනස්කම් ව්‍යාපාරයන් වෙත බලපාන ලදී. එමෙන්ම, මෙම විපර්යාෂ මගින් වැඩි අවස්ථාවන් උදාවී තිබේ. එමගින් රටේ තිරසාර සංවර්ධනය සඳහා ව්‍යාපාරික අංශයට ඉදිරි කාලය තුළ වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. තවද, කලාපයේ අනෙකුත් රටවල් හා සසදන විට ශ්‍රී ලංකාවේ පවතින නව සාමාන්‍ය හා සුරක්ෂිත පරිසරය යටතේ ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍ෂේත්‍රයේ නියැළුණු අයවළුන් හා සෙසු තරගකරුවන්ට වඩා ඉහළ මට්ටමක සිටීමටත්, වෙළදපල නැංවීමටත්, විදේශ ආයෝජන ගෙනඒමටත් හැකියාව ලැබේ. එමනිසා ඔබ ඉදිරියේ ඇති ව්‍යාපාරික අවස්ථාවන් ධනාත්මකව භාරගන්නා ලෙසත් ඔබගේ හැකියාවන් සහ ශක්තින් ප්‍රයෝජනයට ගෙන වැඩි ආදායම් සඳහා විදේශ වෙළඳපොල හා නැඹුරුවන ලෙසත් මා ඔබෙන් ඉල්ලා සිටිනවා.
මෙය ද රජය දැඩි ලෙස සහයෝගය දක්වන ක්ෂේත්‍රයකි. මෙම මූලාරම්භය සඳහා ව්‍යාපාර සමාගම්වලට ඔවුන්ගේ විෂය පථය පුළුල් කර සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා නිසි උපදෙස් ලබාදීම සිදුකල හැකිය. කොවිඩ් -19 තත්වය මගින් අප සිටින්නේ කොතැනද, අපගේ වෙළඳාම පසුබසින්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට හොඳ අවස්ථාවක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එමනිසා, සමාගම්වලට ඔවුන්ගේ දුර්වලතා සහ ශක්තීන් සහ වැඩිදියුණු කිරීම සඳහා වන ක්ෂේත්‍රයන් තක්සේරු කර හඳුනාගත හැකි අතර ව්‍යාපාර කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයන් තුළින් ඒවා ක්‍රියාත්මක කළ හැකිය.
අවම වශයෙන් වසර පහක් යන තුරු අපේක්ෂිත ව්‍යාපාර පෙළගැස්වීම සහ සමාගම්වල වර්තමාන ප්‍රමිතිය සමඟ අරමුණු පෙරදැරු කොටගෙන සහයෝගයෙන් කටයුතු කිරීම බොහෝ විට අත්‍යවශ්‍ය වේ. එමඟින් සෑම වසරකටම පසු අපේක්‍ෂිත ප්‍රමිතීන් ළඟා කර ගත හැකිවන අතර ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපායමාර්ගික සැලැස්ම’ මගින් මෙම කාරණය සම්බන්ධයෙන් සාක්‍ෂි දරයි.
මෙම සම්මාන උළෙල ව්‍යාපාර හවුල්කරුවන්, පාරිභෝගිකයින් සහ සේවකයින් නිසි පරිදි ඇගයීමකට ලක් වී ඇති අතර ලාභ ඉපයීම ද සලකා බැලීම තුළින් සමාගමක් කෙතරම් සාර්ථකද යන්න පෙන්වා ඇත. එමනිසා, සමාගම් විසින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශ්වසනීය ලෙස කටයුතු කර ඇද්ද යන්න හඳුනා ගැනීමටත්, අනෙකුත් ව්‍යාපාරික සගයන් හා සසඳන විට ස්ථාවරත්වය, සම්බන්ධතාවය, ප්‍රවේශය සහ ව්‍යාපාර කිරීමේ පහසුව අවබෝධ කර ගැනීමටත් හැකි වේ. එබැවින් ව්‍යාපාරික ප්‍රජාව තුළ එවැනි සංස්කෘතියක් ඇති කිරීම පිළිබඳව මම සංවිධායකයින්ට ස්තූතිවන්ත විය යුතුය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස මට ආරාධනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වාණිජ මණ්ඩලය, වරලත් කළමනාකරණ ගිණුම් ආයතනය සහ ඩේලි ෆිනෑන්ස් ටයිම්ස් වෙත මාගේ කෘතඥතාව පළ කරමි. මේ වසරේ සම්මානලාභීන්ට සුබ පතමින් මම දේශනය අවසන් කරනවා. අනාගත සංවර්ධනය සඳහා කර්මාන්ත අංශය සහ ආදායම් ප්‍රමාණය වර්ධනය කිරීම වස් ශක්තිමත් මූලධර්මවල වැදගත්කම ඔබේ ජයග්‍රහණවලින් මනාව පැහැදිලි වේ. අද පවතින අභියෝග ජය ගැනීමට සහ රටක් ලෙස හෙට දිනය ජයගැනීමට අප උත්සාහ කරන බැවින්, මෙම සම්මානලාභීන්ගේ සාර්ථකත්වය අනාගතයේ රටේ ආර්ථිකය ඵලදායී ලෙස පෝෂණය කිරීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඉදිරි කාලය තුළ ඔබට සහ ඔබේ ආදරණීයයන්ට නීරෝගී, ඉසුරුමත් හා සතුටින් පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර ඔබේ ව්‍යාපාර ඊටත් වඩා ඉහළට ගෙනයාමට මම ඔබට සුබ පතමි. " bridge media | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News