Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2021 10:42:15 Hours

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සිවිල් සම්බන්ධිකරණ කණ්ඩායමේ සැරයන් එස්.එෆ්.සී. ඩෙරික් මොරිස් (SFC Derek Morris) සහ සිවිල් සම්බන්ධිකරණ කොමිෂන් නොලත් නිලධාරී මාණ්ඩලික සැරයන් එරික් ක්‍රේ (Staff Sergeant Eric Cray) යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර ඉකුත් සඳුදා (08) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම සුහද හමුවේදී, යාපනය අර්ධද්වීපයේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, යාපනය අර්ධද්වීපයේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳ නියෝජතයින්ට කරුණු පැහැදිලි කළේය.

මෙම සාකච්ඡාවට යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. bridge media | Patike