Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2021 19:40:30 Hours

භටපිරිස් යාපනය දුම්රිය ස්ථානය පිරිසිදු කරයි

පිරිසිදුකම සහ කසල වලින් තොර පරිසරයේ ඇති වැදගත්කම මහජනතාව වෙත පෙන්වාදෙමින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 512 වන බලසේනා මුලස්ථානය විසින් ඉකුත් ඉරිදා (07) දින යාපනය දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කළේය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයකට අනුව 51 සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 512 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගි වූයේය.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා 512 වන බලසේනාවේ භටපිරිස් සහ 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් සම්බන්ධ වූහ. Running sport media | Nike React Element 87