Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2021 09:42:15 Hours

ගතවු පැය 24 තුළ තවත් ආසාදිතයින් 976 ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 976 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 975 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 252 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 227 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 150 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 346 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (10) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 67,705 ක් වේ. ඉන් පුද්ගලයින් 63,659 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මීනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවු ආසාදිතයින් සියලුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (10) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 71,210 ක් වන අතර ඉන් පුද්ගලයින් 65,052 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (10) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,788 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (10) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 912 ක් පූර්ණ සුවය ලබා පිටව ගියහ.

අද (10) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් කැටවල, අනුරාධපුර, කපුලියද්ද, කුරුණෑගල සහ මොරටුව යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (10) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (10) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් 9,062 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (09) දිනය තුල PCR පරික්‍ෂණ 14,402 ක් සිදුකර ඇත. Sports Shoes | Nike Off-White