Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2021 18:30:30 Hours

‘සැරහුම්’ පිළිබඳ ගැටළු විසදීමට ‘ZOOM’ තාක්‍ෂණය ඔස්සේ වැඩමුළුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානි බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු ගේ අනුග්‍රහය ඇතිව කොළඹ යුද්ධ හමුදා රෝහලේදී අඛණ්ඩව 3 වන වරටත් සංවි‍ධානය කරනු ලැබූ ‘සැරහුම්’ (wound care) පිළිබද වැඩමු‍ළුවක් ඉකුත් අඟහරුවාදා (03) දින යුද්ධ හමුදා රෝහලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් 50 දෙනෙකු ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්ලාස්ටික් හා ප්‍රතිනිර්මාණය කිරීමේ ශල්‍ය වෛද්‍ය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ලුතිනන් කර්නල් ජී. කේ. රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබීය. එම අවස්ථාව සඳහා උපදේශක සනාල ශල්‍ය වෛද්‍යවරුන් වන වෛද්‍ය චරිතා වීරසිංහ හා වෛද්‍ය ජොයෙල් අරුන්චෙල්වම් සහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ලුතිනන් කර්නල් ආර්.ඒ.එස්. රත්නායක හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ලුතිනන් කර්නල් එස්.ඒ.ඩී.වී.ආර්. සේනාරත්න යන වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගී වූහ. bridge media | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet