Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2021 20:28:11 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් විරෝදාර රණවිරුවෙකුට හිසට සෙවණක්

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ ගේ පූරෝගාමීත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් සිදුකරනු ලබන නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් ආබාධිත විරෝදාර රණවිරුවෙකු වෙනුවෙන් නිට්ටඹුව, පානවල ප්‍රදේශයේ ඉදිකල නව නිවස ඉකුත් ඉරිදා (07) දින පැවැති උත්සවයකදී විවෘත කෙරිණි.

2009 මැයි මාසයට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදන් සමඟ පැවැති මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කිරීම සඳහා නොයෙකුත් කැපකිරීම් කළ විරෝදාර රණවිරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඔවුන්ගේ හිසට සෙවණක් ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා පබාල හමුදාවේ හිටපු කර්නල් සේනාවිධායක ගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ මඟපෙන්වීම යටතේ නව නිවාස සහ ආර්ධනිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මීට වසරකට පමණ පෙර රණසේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකය සමඟ එක්ව ආරම්භ කරන ලදී.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති මානුෂිය මෙහෙයුමේදී තුවාල ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ ඉදිකල නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 1.5 ක පමණ මුල්‍යමය පිරිවැයක් යොදා ඇත. මෙලෙස ඉදිකල නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ සහභාගි වූ අතර නව නිවසේ පීත්ත පටිය කපා විවෘත කිරීමෙන් අනතුරුව කිරි උතුරවා ආගමික වතාවත් චාරිත්‍රනුකූලව සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. Sneakers Store | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ