Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2021 18:15:30 Hours

ගතවු පැය 24 තුළ තවත් ආසාදිතයින් 878 ක් හඳුනාගත්බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 887 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 878 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 214 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 208 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 275 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (09) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇගළුම් කම්හල් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 66,730 ක් වේ. ඉන් පුද්ගලයින් 62,727 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හල් පොකුරෙන් මේ වනවිට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ.

අද (09) දින උදෑසන වනවිට, පෑලියගොඩ මතස්‍ය වෙළඳපොල පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 63,671 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 70,234 ක් වේ. ඉන් පුද්ගලයින් 64,140 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (09) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,729 ක් තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (09) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 740 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (09) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් ගුරුදෙණිය, කොළඹ 15, කොළඹ 12, මීගමුව, කයිට්ස්, කුරුණෑගල, හොරණ, අනුරාධපුරය සහ මාවනැල්ල යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (09) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (09) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් 9,025 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (08) දිනය තුල PCR පරික්‍ෂණ 12,145 ක් සිදුකර ඇත. jordan release date | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov