Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2021 17:28:40 Hours

591 වන බලසේනාවේ මුලිකත්වයෙන් පාසල් සිසුන් 150 කට පාසල් උපකරණ සහ මූල්‍යමය පරිත්‍යාගයක්

පසුගිය වසර කිහිපය තුළ උතුර, වන්නි සහ නැගෙනහිර ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් සුබසාධන ව්‍යාපෘති රාශියක් සිදුකිරීමට දායක වූ සුප්‍රසිද්ධ කුෂිල් ගුණසේකර මහතාගේ ‘ගුණ ජය - සතුට පදනම’ විසින් යළිත් වරක් එම ප්‍රදේශවල ජනතාවට සහන සලසා ඇත.

ඒ අනුව වන්නි ප්‍රදේශයේ පාසල් 28 කින් තෝරාගත් සිසුන් 150 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ මූල්‍යමය පරිත්‍යාගයන් පිරිනැමීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (05) දින මුලතිව්, මුල්ලියාවේලි විද්‍යාලයේදී පැවැත්විණි.

591 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව පෙරේරා ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 1500 ක ඩි.එස්.අයි. මුදල් වවුචරයක් සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි. අදාළ සිසුන් තෝරාගැනීම පාසල් බලධාරීන්ගේ සහ අදාළ ග්‍රාම සේවා නිලධාරීන්ගේ නිර්දේශය මත සිදු කරන ලදී.

මෙම උත්සවය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් විමලනාදන් මහතා, පරිත්‍යාගශීලි පදනමේ නියෝජිතයෙකු, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා, යුද්ධ හමුදා නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ. Sports brands | Sneaker & Lifestyle News