Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2021 06:50:08 Hours

ගතවු පැය 24 තුළ තවත් ආසාදිතයින් 726 ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 726 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 197 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (07) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 64,580 ක් වේ. ඉන් පුද්ගලයින් 61,180 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (07) දින උදෑසන වනවිට, පෑලියගොඩ මතස්‍ය වෙළඳපොල පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 61,521 දෙනෙකු වන අතර මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 68,575 ක් වන අතර ඉන් පුද්ගලයින් 62,593 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (07) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,631 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (07) දින උදෑසන 0600 වනවිට ගතවූ පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,133 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (07) දින උදෑසන වනවිට ගතවු පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් කොච්චිකඩේ, කඩවත, මොරටුව, කැළණිය, කොළඹ 14, කොළඹ 13, මහරගම සහ මුන්ඩලම යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (07) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 351 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (07) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 87 ක් තුළ පුද්ගලයින් 8,063 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (06) දිනය තුල PCR පරික්‍ෂණ 14,749 ක් සිදුකර ඇත. affiliate link trace | Jordan Ανδρικά • Summer SALE έως -50%