Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2021 18:39:20 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන්ට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

73 වන නිදහස් දිනයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිල ලාංජන පැළදවීම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (05) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී සිදුකෙරිණි. මෙහිදී, මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 12 දෙනෙකුට නිල ලාංඡන පැළදවිය.

ඒ අනුව, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියල් නානායකරවසම්, 12 වන සේනාංකයේ සේනාංකාධිපති විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, 23 වන සේනාංකයේ සේනාංකාධිපති විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් නලීන් කොස්වත්ත, 56 වන සේනාංකයේ සේනාංකාධිපති ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් නන්දන දුනුවිල, 62 වන සේනාංකයේ සේනාංකාධිපති විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥා මූලස්ථානයේ බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් අජන්ත විජේසූරිය, යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ ජෙනරල් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, යුද සේවා ලේකම් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රී, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සමින්ද ලමාහේවා සහ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පැළඳවිය.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිල උසස්වීම් ඔවුනට ලබාදීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් අනුමැතිය ලබාදීම පිළිබඳ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතිගරු ජනාධිපතිතුමන්ට කෘතඥපූර්වකව ස්තූතිය පුදකරන ලදී. එමෙන්ම, ඔවුන්ගේ නිල උසස්වීම් ලබාදීම සිදුවූයේ ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් සලකා නොවන බවත් කුසලතා හා නිශ්චිත කාර්යසාධන ප්‍රතිපත්තීන්ට අනුකූලව බවත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය. තවද, ජාතික ආරක්‍ෂාව සහ ජාතිය ගොඩනැංවීම යන ප්‍රජා මූලික සංවර්ධන කාර්යයන් සඳහා කැපවීමෙන් දායකත්වය ලබාදුන් සියලුදෙනාටම යුද්ධ හමුදාධිපතිතුමන් ස්තූතිය පළ කළේය.

මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයින්ට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ගතහැකි සියලුම පූර්වාරක්‍ෂක පියවරයන් ගන්නා ලෙසත් සිවිල් වැසියන් වෙනුවෙන් යුද්ධ හමුදාව ඉටුකරමින් සිටින වගකීම් ඒ අයුරින්ම ඉටුකරමින් ඔවුන්ට වෛරසය ආසාදනය වීම වැළැක්වීමට පූර්වාරක්‍ෂක පියවරයන් සියල්ලම ගන්නා ලෙස ද උසස්වීම් ලැබු නව මේජර් ජෙනරල්වරුන්ට යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උසස්වීම් ලැබු මේජර් ජෙනරල්වරුන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් සුහදව අදහස් හුවමාරු කරගත්තේය. Sportswear free shipping | balerínky