Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2021 06:15:42 Hours

‘ලායා සෆාරි’ යළිත් වරක් ‘Booking.com’ සංචාරක සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන ‘ලායා’ හෝටල් සමුහයට අයත් පලටුපාන ‘ලායා සෆාරි’ හෝටලය ‘Booking.com’ විසින් පැවැත්වූ ‘Traveller Review Award – 2021’ තරගාවලියේදී ‘Booking.com’ සංචාරක සම්මානයෙන් පිදුම් ලැබීය.

අදාළ සංචාරක හෝටලයට පැමිණෙන සංචාරකයින් විසින් ලබාදෙන සමාලෝචනයන් (REVIEW) පදනම් කරගනිමින් මෙම සම්මානය ලබාදෙන අතර ‘ලායා සෆාරි’ හෝටලය ‘Booking.com’ වෙබ් අඩවියෙන් ලකුණු 10 න් 8.2 ක් ලබාගනිමින් මෙම සම්මානයට පාත්‍ර විය.

කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිර ඇති අවදියක සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සංචාරක සත්කාර ලබාදීම උපරිම අයුරින් සිදුකිරීම හේතුවෙන් ‘ලායා සෆාරි’ හෝටලයට සංචාරකයින් මෙවන් ඉහළ මට්ටමේ ඇගයීමක් ලබාදී තිබේ.

2020 වර්ෂයේ මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා ගෙවී ගිය කාල වකවානුව තුළ ‘ලායා සෆාරි’ හෝටලය ඉහළ මට්ටමේ පාරිභෝගික සත්කාරක සේවාවක් පවත්වාගෙන ගොස් ඇති බව එහි රැඳී සිටි සංචාරකයින් ලබාදුන් ධනාත්මක ප්‍රතිචාර අනුව පැහැදිලි වේ. එලෙස, සංචාරකයින් ලබාදෙන අගය කිරීම් සංචාරක කර්මාන්තයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර ආසියාවේ වඩාත් ඉල්ලුමක් සහිත නිවාඩු නිකේතන ලෙස ‘ලයා සෆාරි’ තෝරා ගැනීමට එය ඉවහල් වී ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී, ලායා සෆාරි සහ ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් 35 ක් අතරින් (ලකුණු 10 න් 8.6 ක් ලබාගෙන) ‘Trip Advisor 2019 Certificate of Excellence’, Expedia ‘Loved by Guests Award Winner 2020’ සහ “Trip Advisor Traveller’s choice 2020” යන සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත. හම්බන්තොට පිහිටි ‘ලායා සෆාරි’, ෂැන්ග්‍රි-ලා හම්බන්තොට’ සහ සිනමන් වයිල්ඩ් යාල යන හෝටල් පිළිවෙලින් එම සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.

අවම පැමිණිලි සහ ඉහළම ආගන්තුක සත්කාර ලබාදෙමින් පසුගිය වසර 2 පුරා අඛණ්ඩව සිදුකළ ලයා සෆාරි කණ්ඩායම, තම සේවය අඛණ්ඩව ඉදිරියට සිදුකරගෙන යාමට අපේක්‍ෂා කරයි. නවීකරණය කරන ලද පහසුකම් වලින් සමන්විත ලයා සෆාරි හෝටල් සමුහය වඩාත්ම ඉල්ලූමක් සහිත හෝටලය බවට පත් කිරීමට අපේක්‍ෂා කරන අතරම එය අනාගතයේ දී සියලු ජාත්‍යන්තර හා දේශීය සංචාරකයින්ගේ ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි ඉහළ නංවනු ඇත. trace affiliate link | Air Jordan Release Dates 2021 Updated , Gov