Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2021 14:21:59 Hours

යුද්ධ හමුදා විවාහක නිවාසවල ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්‍ෂණයට

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ද ආබෲ පසුගිය ජනවාරි මස 25 දින කැන්දලන්ද විවාහක නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ නිරීක්‍ෂණ කළේය.

යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණයන්හී ජීවත්වන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවමින් නව පහසුකම් ලබාදීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට සහ සෘජු මැදිහත්වීම මත ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් කැන්දලන්ද, පිටිපන සහ පාගොඩ යන ප්‍රදේශවල පිහිටි යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල දියත් කර ඇත.

ඒ අනුව, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කැන්දලන්ද ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය දා එහි සංචාරයක නිරත වූ අතර එහිදී, ඉදිකිරීම් කටයුතුවල නිරත භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. Running sneakers | Releases Nike Shoes