Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2021 17:06:02 Hours

කුට්ටිගල වෘත්තීය පුහුණු පාසලේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකළ මූලස්ථාන ගොඩනැගිල්ල පසුගිය සිකුරාදා (29) දින විවෘත කෙරිණි. පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම්.කේ.එස්.එස්. ද සිල්වා ගේ ආරාධනයකට අනුව එම අවස්ථාවට සපැමිණි මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කුමාර හඳුන්මුල්ල ගේ සුරතින් නව ගොඩනැගිල්ල විවෘත කෙරිණි.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා සමගින් මෙම අවස්ථාවට සහභාගී වූ අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චානක මෙත්තානන්ද, යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පාලිත හේවාවසම්, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සාලිය පද්මශාන්ත සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ප්‍රියන්ත අබේසිංහ සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වූහ. මෙම අවස්ථාවට වෘත්තීය පුහුණු පාසලේ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් වෘත්තිය පුහුණු පාසල් පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කුමාර හඳුන්මුල්ල සියලුනිල තේපැන් සංග්‍රයහකට ද එක්විය. Sports Shoes | Nike Releases, Launch Links & Raffles