Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2021 17:01:02 Hours

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් කෝකිලායි පාසල් සිසුන්ට වියළි සලාක පරිත්‍යාග කරති

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා ගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන භටපිරිස් විසින් කෝකිලායි සිංහල විද්‍යාලයේ සිසු සිසුවියන් 94 දෙනෙකුට රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් පාසල් ලිපි ද්‍රව්‍ය හා එම ප්‍රදේශයේ ඇති විහාරස්ථාන සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කළහ. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ (2002) ප්‍රසාද් ලොකුබාලසූරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ විද්‍යාර්ථයින්ගේ අනුග්‍රාහකත්වය ද ලැබිණි.

මෙම ව්‍යාපෘතිය 593 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත පාලම්කුඹුර ගේ අධීක්‍ෂණය යටතේ මුලතිව් පිහිටි කෝකිලායි සිංහල විද්‍යාල පරිශ්‍රයේදී ජනවාරි මස 27 සිට 29 දින දක්වා පැවැත්විණි. එහි පළමු පියවර වශයෙන්, 19 වන ගැමුණු හේවා බලකායේ සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පාසල් ආරම්භ කිරීමට ප්‍රථම පාසල් පරිශ්‍රයන් විෂබීජහරණය කරනු ලැබිණි.

එමෙන්ම, පාසල් සිසුන් 94 දෙනා වෙත පාසල් උපකරණ සහ ත්‍යාග පාර්සල් මෙන්ම භික්‍ෂුන් වහන්සේලා වෙත රුපියල් 20000 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් ද පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති සමඟින් මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වූ අනුග්‍රාහක භවතුන් සහභාගී වූ අතර ඔවුන් සියලුදෙනා එක්ව එම පාර්සල් පාසල් සිසුන්ට සහ භික්‍ෂුන් වහන්සේලා වෙත පරිත්‍යාග කරනු ලැබූහ.

මීට දින කිහිපයකට ප්‍රථම, 64 වන සේනාංකය විසින් සංවිධානය කල මෙවැනි වැඩසටහනක් වෙනුවෙන් ද එම අනුග්‍රාහක භවතුන් සිය දායකත්වය සපයා ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින්, නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ආදි ශිෂ්‍ය සංගම් දෙකෙහි සාමාජිකයින්, යුද්ධ හමුදා නිලධාරින්, සෙසු නිලයින් සහ ගම්වාසීන් ද සහභාගී වූහ. Asics footwear | Air Jordan