Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2021 13:30:34 Hours

144 වන බලසේනාවේ නව බලසේනාධිපති සිය ධූරයෙහි රාජකාරි අරඹයි

බත්තරමුල්ල, අකුරේගොඩ පිහිටි 144 වන බලසේනා මූලස්ථානයේ 10 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ පසුගිය අඟහරුවාදා (26) දින රාජකාරි භාරගත්තේය.

එම පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළීගනු ලැබූහ. අනතුරුව, පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව බලසේනාධිපතිතුමන් සිය රාජකාරි කටයුතු භාරගත්තේය. බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ මීට ප්‍රථම තොප්පිගල පිහිටි 232 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කටයුතු කළේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයක් වෙනුවෙන් සහභාගී වූ එතුමන් ඉන් අනතුරුව එම බලසේනාවේ නිලධාරින් සහ සෙසු නිලයින් ඇමතුවේය.

මීට ප්‍රථම මෙම ධුරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් තුෂාර මහලේකම් වවුනියාවේ පිහිටි විශේෂ බලකා බලසේනාවේ නව බලසේනාධිපති ලෙස රාජකාරි කටයුතු භාරගත්තේය. Sportswear Design | Nike Air Max 270