Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2021 11:00:32 Hours

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සාකච්ඡාමය වැඩසටහන සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉරිදා (31) දින උදෑසන ‘ලක්මව සැනහූ රණවිරුවෝ’ මැයෙන් පැවති ‘සුභාරති’ ගුවන් විදුලි වැඩසටහනට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

මෙම වැඩසටහන අතරතුර, වර්තමානයේ යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සහ අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මට අනුව ක්‍රියාත්මක කරන ජාතිය ගොඩනැංවීමේ ක්‍රියාවලිය දක්වන දායකත්වය සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේදී යුද්ධ හමුදා කාර්යභාරය, නවෝත්පාදන, යුද්ධ හමුදාවේ තාක්‍ෂණික සහය ලබාදීම සහ කොවිඩ් - 19 වසංගතයට එන්නත් ලබාදීමේ ව්‍යාපෘතිය සහ එම ව්‍යාපෘතිය රට පුරා සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලි කළේය.

මෙම ගුවන්විදුලි වැඩසටහනේ සම්පූර්ණ හඬපටය පහතින් දැක්වේ: spy offers | NIKE AIR HUARACHE