Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2021 10:00:32 Hours

හදිසි අවස්ථාවකදී පුද්ගලයින් 500 – 1000 ත් අතර ප්‍රමාණයක් නිරෝධායනය කිරීමේ හැකියාව ඇති පහසුකම් සපිරි මධ්‍යස්ථානයක් යාපනයේ ඉදි වේ

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර ඊයේ (30) දිනයේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි සිදුකළ සංචාරය අතරතුර ආගමික වතාවත් සඳහා සහභාගී වීමෙන් පසු යුද්ධ හමුදාව විසින් වාසවිලාන් ප්‍රදේශයේ රජයට අයත් ගොඩනැගිලි සමූහයක් අළුත්වැඩියා කොට ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

පලාලි වාසවිලාන් ප්‍රදේශයේ පිහිටි මෙම නිරෝධායන මධ්‍යස්ථානය පුද්ගලයින් 500 – 1000 ත් අතර ප්‍රමාණයක් එකවර නිරෝධායනය කිරීමේ හැකියාවෙන් සමන්විත වන අතර හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගනු පිණිස සියලු පහසුකම් සමගින් ගොඩනඟා ඇත. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයට අයත් භටපිරිස් විසින් අලුත්වැඩියා කොට මෙම නිරෝධායන හා සාත්තු සේවා පහසුකම් ආදියෙන් සමන්විත මධ්‍යස්ථානය නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව නිමවා ඇති අතර රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනි යන්ත්‍ර, සන්නිවේදන උපකරණ, උසස් මට්ටමේ වැසිකිළි, කැසිකිලි ආදියෙන් සමන්විත වේ.

මෙම නිරීක්‍ෂණ සංචාරයට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගත් අතර 521 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මහේන් සල්වතුර විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමකින්ද දැනුවත් කිරීම සිදුකළ අතර එම ඉදිරිපත් කිරීම අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් නිරෝධායන මධ්‍යස්ථානයේ කටයුතු වඩාත් කාර්යක්‍ෂමව පවත්වාගෙන යාම සඳහා අවැසි වැඩිදුර උපදෙස් ලබාදෙන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථානයෙහි ගොඩනැගිලි හා අනෙකුත් පහසුකම් පිළිබඳ සංචාරයේ නිරත වෙමින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්ගමුව ඇතුලු නිලධාරින් රැසක් සහභාගී වූහ. Nike footwear | Yeezy Boost 350 Trainers