Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2021 16:58:55 Hours

ඉංජිනේරුභටපිරිස් සිය විශ්‍රාමික සොයුරාට නව නිවසක් ඉදිකරයි

1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව සමඟරණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව ඒකාබද්ධ මූල්‍ය ආධාර සපයමින්අවශ්‍යතා සහිත තවත් විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල්වරයෙකුට නව නිවසක් ඉදිකරනු ලැබීය. එම විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල්වරයා සියබිරිඳ සහ දියණියන් තිදෙනා සමඟ දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන බව සැළ වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.යුද ප්‍රවීණයන්, විශ්‍රාමිකයන්, තුවාල ලැබූවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් ක්‍රියාත්මක කරන වැඩපිලිවෙලට සමගාමීව මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

මොණරාගල, දඹගල්ල ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (22) දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායකමේජර් ජෙනරල් එච්.ආර්.කේ.පී. පීරිස් සහභාගී විය.

එම රෙජිමේන්තුවේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පස්වන අදියර යටතේ මෙම නිවසඉදිකළ අතර 2020 පෙබරවාරි මස26 දින එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ නමුත් කොවිඩ් - 19 වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නිම කිරීමට මාස 8 ක් පමණ කාලයක් ගත විය.1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.ටී. ගනේගොඩ ගේ උපදෙස් පරිදි එම ඒකකයේ භටපිරිස් කැපවීමෙන් යුතුව නිවසේ ඉදිකිරීම් කටයුතු වල නිරත විය.ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්. මායාදුන්න විසින් මෙම ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරන ලදී.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්. මායාදුන්න, 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.පී.ජී ගමගේ, මාණ්ඩලික නිලධාරි I (රණසේවා) ලුතිනන් කර්නල් එච්.එම්.පී. හේරත්,1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයින් සහ ගම්වාසින් විශාල පිරිසක් ද සහභාගී වූහ. latest Nike Sneakers | Klær Nike