Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2021 19:33:20 Hours

භටපිරිස් වෙත ඉහලම පහසුකම් සපයමින් ඔවුන් රැකබලා ගන්න - යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට පවසයි

නව රෙජිමේන්තු අධිපතිවරුන්/ කර්නල් සේනාවිධායකවරුන් වෙත යෂ්ටි ප්‍රධානය කිරීම අද (29) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සුරතින් සිදු වූ අතර එහිදී, ඔවුන් අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් “ඔබ විසින් අණදෙන සියලුම අයවළුන්ගේ සුභසාධනය සහතික කිරීම ඔබේ ප්‍රධාන වගකීමකි. එබැවින්, හැකි උපරිම පහසුකම් ලබා දී ඔවුන් රැකබලා ගත යුතු යැයි මම අවධාරනය කරමි. ඔබ ලන්සු මණ්ඩලවල මුලසුන හොබවන විට හෝ සාමාජිකයන් වන විට ඉතාමත් සැලකිලිමත් වන්න. ඔබේ අණ යටතේ සිටින අයවළුන්ගේ භාවිතය සඳහා ප්‍රමිතියෙන් තොර දේවල් තෝරා ගැනීමට ඔබ දායක නොවන බවට සහතික වන්න. එසේම, අණදෙන විධිවිධානවල පරිපාලනමය කරුණු සොයාබලා කනිෂ්ඨ නායකයින් සොල්දාදුවන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට උනන්දු කරන්න.” යනුවෙන් ප්‍රකාශ කරනු ලැබීය.

“ඔබ දන්නා පරිදි, දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් ලෙස ඔබ පත් කිරීමට අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණයේදී කොවිඩ් - 19 වෛරසයට එරෙහිව රටේ සිවිල් පරිපාලනය සමඟ කටයුතු කිරීමට සහ රජයේ යාන්ත්‍රණයට සහභාගී වීමට ඔබට අවස්ථාවක් ලබා දී ඇත. අද වනවිට යුද්ධ හමුදාවට පැවරී ඇති රාජකාරි වපසරිය තුළ යුද්ධ හමුදාවට ලබා දී ඇති විශාල පිළිගැනීම, ඔබ වෙත පවරා ඇති වගකීම් තුලින් පැහැදිළි වනු ඇත. ඔබගේ නව ධූරයන් බොහෝ වගකීම් සහිත වන අතර එම ධුරයන් සැබවින්ම ඔබේ වෘත්තීයභාවය පිළිබඳ සැබෑ ප්‍රතිරූපය පිළිඹිබු කරන්නකි. තවද,කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ අරමුණ වෙනුවෙන් ඔබේ අණ යටතේ සිටින භටපිරිස් උපරිමයෙන් කටයුතු කරන බවට ඔබ සහතික විය යුතුය. කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන භටපිරිස්හී ආරක්‍ෂාව සහතික කිරීමට කටයුතු කිරීමට අණදෙන නිලධාරියෙකු වශයෙන් ඔබ පියවර ගත යුතුය.”

“කොවිඩ් - 19 වෛරසය හමුවේ ජනතාව ආරක්‍ෂා කරමින් මාතෘභූමියේ සමෘද්ධිමත්භාවය ඇතිකිරීම සඳහා වන අතිගරු ජනාධිපතිතුමන්ගේ න්‍යාය පත්‍රය හමුවේ රටේ ආරක්‍ෂාව තහවුරු කරමින් එම අරමුණු කරා ගමන් කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කෙරෙහි ජනාධිපතිතුමන් පූර්ණ විශ්වාසය තබා ඇත. ඕනෑම හදිසි අවස්ථාවකදී ප්‍රථමයෙන් ඉදිරිපත්වන සහ ජනතාවගේ ආරක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි පූර්ණ විශ්වාසයක් ශ්‍රී ලාංකිකයින් සතුව දැඩි විශ්වාසයක් පවතින බව මේවන විටත් තහවුරු වී තිබෙන බව” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

“අන් කවරදාකටත් වඩා මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පැවරී ඇති වගකීම් පුළුල් වී තිබේ. නිසි වේලාවට නිවැරදි ප්‍රතිපල ලබාදීම සඳහා අපගේ හැකියාවන් සහ නිපුණතා තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය වේ. ජාතික ආරක්‍ෂාව සහතික කළ හැකි යුද්ධ හමුදාවක් නිර්මාණය කිරීමට අවැසි සියලු පහසුකම් රජය විසින් අපට ලබා දී ඇත. අපි අපේ ජාතියේ අවශ්‍යතා සහ අරමුණු හඳුනාගෙන කටයුතු කරමින් සිටිමු. යුද හමුදාව විසින් ඉටුකළ යුතු කාර්යභාරය අවබෝධ කරගෙන කටයුතු කිරීම මෙන්ම භෞතික, සංකල්පීය හා සදාචාරාත්මක පරිවර්තනය ද අපට අවශ්‍යව ඇත. එමඟින් එම අවශ්‍යතා සුරක්‍ෂිත කර ජාතික අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා යුද්ධ හමුදාවට පහසුවෙන් දායක විය හැකි” බවද එතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ තුලින්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සූදානම, විශ්වාසනීයත්වය, අදාළ බව, ඔරොත්තු දීම තුළින් ගාමක බලවේගයක් බවට පරිවර්තනය කිරීමට ඉදිරි වසර පහ තුළ සිදුකළ යුතු අපගේ ප්‍රධාන අරමුණු හඳුනා ගෙන තිබේ.මෙම සියලු ක්‍රියාන්විතයන් හා වෙනස්කම් වලට ක්‍රියාකාරීව දායක වන්නන් ලෙසත්, අපේ මව්බිමට සහ අපේ රටේ මහජනතාවට සේවය කිරීමත් එහි සාර්ථක ප්‍රථිපල අත්කර ගැනීම සඳහා මම ඔබ පිළිබඳ දැඩි විශ්වාසයක් තබමි. ඔබ දන්නා පරිදි, අද වනවිට සාම්ප්‍රදායික හමුදා තර්ජනයන්ට අමතරව, හමුදාමය හා හමුදාමය නොවන ප්‍රවේශයන් ඒකාබද්ධ කරන වඩාත් සංකීර්ණ තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවයක් මතුව ඇත. ඒ බව ලොව පුරා මෑතකදී ඇති වූ තර්ජන සහ අර්බුදයන් අදටත් සාක්ෂි දරයි.

නියමිත කාලය තුල නිවැරදි ප්‍රතිපල අත්කරගැනීම සඳහා අපගේ හැකියාවන් සහ නිපුණතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පවතී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරීන් හා නායකයින් වශයෙන්, ඔබෙන් මා වඩාත්ම බලාපොරොත්තු වන වැදගත් කර්තව්‍යය වන්නේ ඉහළ පෙළ නිලධාරීන්, සමකාලීනයින් සහ ඔබ යටතේ කටයුතු කරන පිරිස් කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීම සහ පක්‍ෂපාතීත්වයයි. එහිදී ඔබට කිසිදු ගැටළුවක් ඇති නොවිය යුතුයි. ඔවුන් සමඟ විශ්වාසය තහවුරු කරගැනීම වඩාත් අගය කොට සලකනු ලබන අතර ඔබ වෙත පවරා ඇති අධිකාරිය ක්‍රියාවට නැංවීමේදී ඔබ කෙරෙහි තබන විශ්වාසය කඩකර නොගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.” යනුවෙන් එතුමන් සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය. Best Authentic Sneakers | UOMO, SCARPE