Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2021 14:38:12 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපති බ්‍රිගේඩියර් හිමාල් ගුරුගේ රාජකාරි අරඹයි

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපති බ්‍රිගේඩියර් එච්.එල් ගුරුගේ පසුගිය අඟහරුවාදා (19) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

එම පරිශ්‍රය වෙත සපැමිණි ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපතිතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් පිරිනැමීය.

ඉන් පසුව, බ්‍රිගේඩියර් හිමාල් ගුරුගේ නිල ලේඛනයකට අත්සන් තබමින් සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතීමට ප්‍රථම නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. Sports brands | Women's Nike Air Max 270 trainers - Latest Releases